30 C
Colombo
Monday, May 18, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

කළු කුහරයකට වැටුනොත් සිදුවන දේ මෙන්න

ඔබ විද්‍යාව ගැන උනන්දු වන කෙනෙක් නම් එසේත් නැතිනම් කළු කුහර ගැන අසා තිබෙන ඒ පිලිබදව උනන්දුවක් තිබෙන කෙනෙක් නම් ඔබ මේ ප්‍රශ්නය ගැන සිතා තිබෙන්නට පුළුවන්. කළු  කුහරයකට මිනිසෙක් වැටුනොත් මොනවා වෙයිද? ඔබගේ සිරුර පොඩි වී කැබලි දහස් ගණනකට විසිරී යාවිද?ඔබට එකවර එසේ සිතෙන්නට පුළුවන්.නමුත් සත්‍යය ඔබ සිතනවාට වඩා බොහෝ වෙනස් වෙන්නට පුළුවන්.

සත්‍ය වශයෙන්ම කළු කුහරයක් කියන්නේ මොකද්ද? එවැන්නක් නිර්මාණය වන්නේ කෙසේද?

1939 ඇමෙරිකානු භෞතික විද්‍යාඥයන් දෙපළක් වන ජේ. රොබට්  ඕපෙන්හයිමර් හා හාට්ලන්ඞ් එස්. ස්නයිඩර් විසින් මෙම කළු කුහර සංකල්පය ලොවට හදුන්වා දෙනු ලැබුවා.ඔවුන් පෙන්වා දුන්නේ සුර්යයාට වඩා ප්‍රමාණයෙන් විශාල තරු ඉතා කුඩා ප්‍රමාණ වලට හැකිලීම නිසා මෙසේ කළු කුහර නිර්මාණය විය හකි බවයි. තරුවක් සිය ජීවිත කාලය පුරා ම එක ම ප‍්‍රමාණයෙන් පවතින්නේ එහි කි‍්‍රයාත්මක වන බලවේගවල සමතුලිත බව හේතුවෙන්. තරුවක් තුළ දැවෙන ඉන්ධන ඇති කරන තාපය නිසා තරුව පිටතට ප‍්‍රසාරණය වීමත් ගුරුත්වය නිසා ඇතුළට ඇදීමත් සිදු වෙනවා. කල් යාමේ දී එනම්  වසර බිලියන ගණනකට පසු මේ තරුවේ න්‍යෂ්ටික ඉන්ධන දැවී අවසන් වීම නිසාත් එහි  ඇති අධික බර නිසාත් ඒවා විනාශ වී යා හැකි බව විද්‍යාඥයන් පෙන්වා ද තිබෙනවා. සූර්යයා මෙන් ස්කන්ධයෙන් 3.2ක ගුණයක් වැඩි තරුවක් මේ ආකාරයට විනාශ වී යාම නොවැළක්විය හැකි දෙයකැයි ඔවුන් විසින් එක්තරා අවස්ථාවක සනාථ කර පෙන්වා තිබෙනවා. බොහෝ විට කළු කුහර බවට පත් විය හැක්කේ මේ ආකාරයට විනාශ වන අති දැවැන්ත තාරකායි.

ඔබ කළු කුහරයක් තුලට ඇතුල් වුවහොත් ඔබට සිදු වන්නේ කුමක්ද? ඔබගේ සිරුර කළු කුහරයකට ඇතුල් වන මොහොතේම සත්‍ය වශයෙන්ම සිදුවන්නේ දේහය කැබලි දෙකකට වෙන් වීමයි.මේ කොටස් දෙකෙන් එක් කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී යන අතරම අනෙක් කොටස කිසිදු හානියකින් තොරව කළු කුහරය තුලට ඇතුල් වීම සිදු වෙනවා.

කළු කුහරයක් කියන්නේ අප සාමාන්‍ය ජිවිතයේ ඉගෙන ගන්නා සියලුම භෞතික විද්‍යා නිගමන වලට පටහැනිව කටයුතු කරන ස්ථානයක් ලෙස පැවසීමේ වරදක් නැහැ.කළු කුහරයක් යනුවෙන් අප පැවසුවත් සත්‍ය වශයෙන්ම එය කුහරයක් ලෙස හදුනාගැනීමට මෙතෙක් කිසිවෙක් සමත් වී නැහැ.කළු කුහරයක් ලෙස විද්‍යාඥයන් හදුන්වා දෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය මෙතෙක් යයි පැවසිය නොහැකි තරම් වූ  අවකාශයක්.මෙම අවකාශය තුල ඇති ගුරුත්වාකර්ෂණ බලය කෙසේද යත් එම බලයට විරුද්ධව සටන් කිරීමට ආලෝකයට පවා හැකියාවක් ඇත්තේ නැහැ.

කළු කුහරයක සීමාව හෙවත් අන්තය ශක්තියෙන් පිරිපුන් ස්ථානයක් ලෙස හැදින්වෙනවා.මේ පිළිබද පර්යේෂණ පැවැත්වූ ස්ටෙෆාන් හොව්කින් තමාගේ හොව්කින් විකිරණ න්‍යාය අනුව පවසා තිබෙන්නේ අවශ්‍ය කාලය ගත වූ විට කළු කුහර තමාගේ ශක්තිය විශ්වයට මුදා හැර අවසානයේ විනාශ වී යන බවයි.

කෙනෙකු ටිකෙන් ටික කළු කුහරයේ අභ්‍යන්තරයට ගමන් කරන විට අභ්‍යාවකාශය යම් පිරිපුන් ස්වාභාවයක් ගන්නා අතර හරි මැදට වන විට එහි ගුරුතාවාකර්ශන බලය  අපිරිමිත අවස්ථාවට පත් වීම සිදුවෙනවා..මේ අවස්ථාව තුල සාමාන්‍ය මිනිසුන් විස්වාස කරන සියලුම නීති සහ න්‍යායන් වලට පටහැනිව කළු කුහර වල කාර්යයන් සිදු වීමට පටන් ගැනීම සිදු වෙනවා.තවදුරටත් අප භෞතික ලෝකය තුල කතා කරන කිසිදු භෞතික විද්‍යාත්මක නීතියකට කළු කුහර යටත් වන්නේ නැහැ.

කළු කුහරයක මධ්‍යයේ තිබෙන්නේ කුමක්ද යන්න මෙතෙක් කිසිදු පුද්ගලයෙක් නිශ්චිතව නිගමනය කර නැහැ .සමහරක් විද්‍යාඥයන්  විස්වාස කරන්නේ මෙය අභ්‍යන්තරයේ වෙනත් විශ්වයක ආරම්භයක් ඇති බවයි.

කෙසේ වෙතත් ඔබ කළු කුහරයකට වැටෙන අවස්ථාවේ පිටතින් බලා සිටින කෙනෙකුට එය දර්ශනය වන්නේ කෙසේද?ඔබට පිටතින් ඔබ දෙස බලා සිටින කෙනකුට දර්ශනය වන්නේ ඔබගේ ශරිරට චුයින්ගම් එකක් සේ ඇදෙමින් විවිධාකාර හැඩතල වලට සකස් වෙමින් ගමන් කරන ආකාරයයි.එසේම ඔබ කළු කුහරයේ අනන්තය වෙත ලගා වන විට පිටත සිට බලන කෙනෙකුට පෙනී යන්නේ ඔබ ඉතා සෙමින් චලනය වන බවයි.

කළු කුහරයක් තුලදී ඔබට කෑගැසීමක් සිදු කිරීමේ හැකියාවක් නැහැ.එයට හේතුව වන්නේ අභ්‍යවකාශය තුල වාතය නොමැති වීමයි.නමුත් ඔබ යම් ක්‍රමයකින් ඔබ දෙස බලා සිටින පුද්ගලයෙකුට පණිවිඩයක් යැවීමට සමත් වූ බව සිතන්න.නමුත් ඔබ පවසන වචන එම පුද්ගලයාට ඇසෙන්නේ සැලකිය යුතු  ප්‍රමාද වීමකින් පසුවයි.මෙයට හේතුව වන්නේ සංඛ්‍යාත වල ඇතිවන වෙනස්කම් බව විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.

ඔබ කළු කුහරයේ අනන්තය වෙත ලගා වන විට පිටතින් බලා සිටින පුද්ගලයෙක් හට පෙනී යන්නේ ඔබ එක තැන ගල් වී සිටින ලෙස නිශ්ච්ලවයි.මෙසේ ඔබ කළු කුහරයේ අනන්තයට ලගා වූ විට ඔබට සෙලවීමට හැකියාවක් නොලැබෙන අතරම කළු කුහරයේ සීමාව හරහා ඔබගේ ශරීරය ඇදී ගොස් අනන්තයේ ඇති අධික රස්නය ඔබව විනාශ කර දැමීමට පටන් ගන්නවා.

පිටතින් බලා සිටින කෙනෙකුට මෙම සිද්ධි දාමය දර්ශනය වන්නේ ඔබ ක්‍රම ක්‍රමයෙන් මැකී යන ලෙසටයි.ඔබගේ දේහය සම්පුර්ණයෙන්ම අළු වලට පත්වීම මෙහිදී සිදුවන බව සදහන් වේ.කෙසේ වෙතත් අප මින් පසුව සලකා බැලිය යුත්තේ පිටතින් බලන පුද්ගලයෙක් ට කළු කුහරයක් දර්ශනය වන්නේ කෙසේද යන්නයි.

විශ්වයේ අභිරස්ම ස්ථානය ලෙස සැලකෙන කළු කුහර වලට ඔබට කිසිදු හානියකින් තොරව ලගා වීමට හැකි නම් එය හදුන්වන්නේ නිදහසේ වැටීම ලෙසයි.එනම් ගුර්ත්වාකර්ශනය ශුන්‍ය වීමක් ලෙසයි.හොව්කින් මෙය හදුන්වා දී ඇත්තේ ලොව ඇති සතුටුදායකම සිතුවිල්ල ලෙසයි.

එසේම කළු කුහරයක අවසානය හෙවත් සීමාව ගඩොල් වලින් ඉදි කරන ලද බිත්තියක ස්වාභාවයක් ගන්නේ නැහැ.එය මිනිසා විසින අධ්‍යනයේ පහසුව සදහා කල්පිත ලෙස මවා ගත් සීමාවක් පමණයි.එසේම කළු කුහරයක පිටත සිටින පුද්ගලයෙකුට එහි අභ්‍යන්තරය දැකීමේ කිසිදු හැකියාවක් ඇත්තේ නැහැ.

කළු කුහරයක් ප්‍රමාණයෙන් කුඩා වුවහොත් එයද ප්‍රශනයක් වන්නට පුළුවන්.එහිදී ඔබගේ පාද වලට වඩා හිසට ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය වැඩි වන නිසා ඔබ කළු කුහරය දෙසට ඇදී යන්නේ චුයින්ගම් එකක් ලෙසයි.නමුත් විද්‍යාඥයන් ගණනය කර ඇති අන්දමට කලු කුහරයක බර සුර්යයා ගේ බර මෙන් මිලියන වාරයක් වැඩි වන බවයි.මේ නිසා කිලෝ ගණනක බරක් යනු කළු කුහරයක බලය යටතේ දුහුවිලි අංශු මාත්‍රයකින් මිලියන ගණනකින් එකකටත් වඩා අඩු බලයකි.

කෙසේ වෙතත් මෙසේ කළු කුහරයට ඇතුල් වූ පසු නැවත පිටවීම සිදු කල නොහැකිද?මෙය කොතරම් කල්පිත මාතෘකාවක් වුවත් ඕනෑම කෙනෙකුට එසේ සිතෙන්නට පුළුවන්.කලු කුහරයක් කාලය සහ අභ්‍යවකාශය තමා තුල ඇති අනන්තය වෙත ඇදගන්නා නිසා සත්‍ය වශයෙන්ම අභ්‍යවකාශය මෙන්ම කාලයද තම කාර්ය සංකේත හුවමාරු කර ගැනීමක් සිදු කරන බව සදහන් වෙනවා.එක්වරක් කළු කුහරයකට ඇතුල් වූ පසු ඔබට මෙන්ම ආලෝක අංශු මාත්‍රයකට හෝ  නැවතත් කළු කුහරයකින් එලියට පැමිණීමේ හැකියාවක් ඇත්තේ නැහැ..

කෙසේ වෙතත් දියුණු වෙමින් පවතින විද්‍යාව සහ තාක්ෂනය අනුව කළු කුහර වල පිලිබදව සිදු කෙරෙන පරීක්ෂණ ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින නිසා නවතම සොයා ගැනීම් රාශියක් සිදු කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

පෘතුගාලය,කැනඩාව, නෙදර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් හරහා විසිරී සිටින ගණිතඥයන් හා භෞතිකඥයන් කණ්ඩායමක් විසින් කළු කුහරයක් තුලින්  ගමන් කිරීම සිදු කල නොහැකි යන මතය බිද දැමීම සදහා පර්යේෂණ වල නිරත වෙමින් සිටින බව සදහන් වෙනවා.එම උත්සාහය සම්පුර්ණයෙන්ම අර්ථ ව්රහිත එකක් බව බොහෝ දෙනා මත පල කරත් ඔවුන් එම උත්සාහය අත්හැරීමට සුදානම් වී නැහැ. Physical Review නම් සඟරාවට ජනවාරි මැද  ලිපියක් සපයන මේ කණ්ඩායමේ පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ඇතැම් සීමාන්තික අවස්ථාවල කාල්පනික නිරීක්ෂණයන්ට ක්ෂණිකව නෂ්ටප්‍රාප්ත වීමක් සිදු නොවී   කළු කුරයේ සිමාව  පසු කිරීමට ඉඩ ප්‍රස්ථා සපයන  කළු කුහර පැවතිය හැකි බවයි.

දශක ගණනාවක් තිස්සේ පර්යේෂකයන් විශ්වාස කළේ කළු කුහරයක් තුලට එබී බැලීමට නිරීක්ෂකයකුට අවස්ථාවක්,  ක්‍රමයක් නොමැති බවයි. එනම්  ක්ෂණිකව කලුකුහරයේ ගොදුරු බවට පත් වීමකින් තොරව කළු කුහරවල අභ්‍යන්තරය  නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නොමැති බවයි. මෙම මතය (notion) හඳුන්වනු ලබන්නේ අන්තරීක්ෂනවාරණ උපන්‍යාසය (cosmic censorship hypothesis) යනුවෙන් වන අතර  එය මුලින්ම ඉදිරිපත් කළේ ගණිතඥ රොජර්ලෙක්රෝද් විසින්  1969 වසරේ දී බව කියවේ. පසුව ස්ටීවන් හෝකින්ස්, කිප් තෝන් වැනි අයගේ වාද විවාද වලට ලක්ව දශක ගණනාවක්  තුළ මෙම කළු කුහර සංකල්පය සංශෝධනයට ලක් වුවද කිසි දිනක එය සිද්ධාන්තයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට කර නැහැ.

මෙතෙක් හමුවූ අති දැවැන්තම කළු කුහරය හමුවී ඇත්තේ අපේ අසල්වැසි මන්දාකිණියක් වන මෙසියර් 33 අසලින් වීම විශේෂත්වයකි. සර්පිල මන්දාකිණියක් වන මෙම මෙසියර් 33 තුළ පිහිටි මේ කළු කුහරයෙහි ස්කන්ධයේ විශාලත්වය අපේ හිරු මෙන් 15.65 ගුණයක් වන බවට විද්‍යාඥයන් ගණනය කර තිබෙනවා. බි‍්‍රතාන්‍යයේ පළ වූ ‘නේචර්’ සඟරාවේ විශේෂ ලිපියක් මගින් මේ බව හෙළි කර ඇත්තේ කැලිෆෝනියාවේ සැන්දියේගෝ සරසවියේ ජෙරොමි ඔරෝස් ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින්. එසේ ම මෙම කළු කුහරයට ආසන්නව ඒ වටා අපේ හිරු මෙන් 70 ගුණයක ස්කන්ධයක් තරුවක් ද භ‍්‍රමණය වන බැව් ද මේ විද්‍යාඥයන් සොයා ගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් කාරණයක් බවට පත් වී තිබෙනවා. දින 3.45කට වරක් එම කළු කුහරය වටා යන මෙම තරුව නිසා ආවරණය වන හා නිරාවරණය වන මේ කළු කුහරය විසින් නිකුත් කරන එක්ස් කිරණ ඔස්සේ සිදු කරනු ලැබූ පර්යේෂණ වලින් මෙම සොයා ගැනීම සිදු කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

විද්‍යාඥයන් හෙළිදරවු කර ඇති ආකාරයට අනුව මෙම කළු කුහර ද අනෙක් තරු හා ග‍්‍රහ වස්තු මෙන් විශ්වය හරහා ගමන් කරනවා. ඒ වගේ ම දැනටමත් කළු කුහර මිලියන ගණනක් විශ්වය තුළ බිහිවී තියෙනවා. එසේ ම විශ්වයේ ඇති යෝධ තරු හැකිළීමෙන් තවතවත් කළු කුහර බිහි  වෙනවා. යම් හෙයකින් අපේ සූර්යයා මේ කළු කුහරයක ආකර්ෂණයකට හසු වුවහොත් එය අපේත් අවසානය විය හැකියි. ඒ විතරක් නෙවෙයි අපේ විද්‍යාඥයන් පර්යේෂණාගාර තුළ කුඩාවට කළු කුහර තනන්න උත්සාහ කරනවා. යම් හෙයකින් එවැනි කළු කුහරයක් තනා එය වැරදීමකින් මුදා හරිනු ලැබුවොත් ප‍්‍රමාණය කුඩා වුනත් එවැන්නකටත් අපේ පෘථිවිය ගිල ගැනීමට හැකියාව තියෙනවා.

කෙමින් කෙමෙන් දියුණු වෙමින් පවතින නවින විද්‍යාව අපිරිමිත වූ විශ්වයේ රහස් සොයා ඉදිරියට ඇදෙන්නේ අතිශය වේගයකින්.මේ යනෙන ගමනේ ලෝකයේ ඇති අපුරු රහස් විද්‍යාඥයන් විසින් තම නොබෝ කාලයකින් අපට හෙළි කරනු ඇත බව අපගේ විස්වාසයි.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.