28.4 C
Colombo
Monday, May 18, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

ලෝකයෙන් සැගවුනු පිරමීඩ සහ ආගමික ස්තාන සොයා ගිය ගමනක්…

ඔබ සන්චාරයට ලැදි පුද්ගලයෙක් නම් ලෝකය පුරා ඉමහත් ප්‍රසිද්දියක් ඉසිලූ ස්තාන ගැන ඔබ ඉතා හොදින් දන්නවා වෙන්නට පුලුවන්. නමුත් ලෝකයේ ඉතා දුර පලාත් වල විරාජමාන වී වර්තමානය වන විට නශ්ටාවශේශ බවට පත් වී තිබෙන මේ අපූරු ආගමික ස්තාන සහ පීරමීඩ පිලිබදව ඔබ නොදන්නවා වෙන්නට පුලුවන්. අද අපි සංචාරයට සහ නව තොරතුරු ගවේශනය සදහා කැමති ඔබ වෙනුවෙන්ම රැගෙන එන්නේ එවැනි අපූරු ස්තාන අටක් පිලිබද ඔබ මෙතෙක් නොඇසූ කතාන්දරයයි.

01. ශ්වේ ඉන් තේන් දාගැබ්.

shwe indein pagoda

ඉන්ලේ නම් ගංගාවට යාබදව ඉන්දේන් නම් ගම්මානය පිහිටා ඇති මෙම අපූරූ ගම්මානය බොහෝ දෙනා හදුන්වන්නේ මින්‍යන්මාරයේ හදවත ලෙසයි. එය එසේ හදුන්වන්නේ මෙම ගම්මානය වසා පැතිරී ඇති අතිශයින් මනස්කාන්ත වන වපසරිය හේතුවෙන්.මෙම වනාන්තර වල සිය ගනණක් වූ විවිද හැඩයෙන් විශාලත්වයෙන් සහ මට්ටම් වල පිහිටා ඇති දාගැබ් දකින්නට ලැබෙනවා.මෙම ගම්මානයට ඇතුල් වීම සදහා ඇති එකම මාර්ගය වන්නේ බෝට්ටුවක් ආදරයෙන් කලපුව තරණය කිරීමයි.එම මාර්ගය ඉතා පටු දුශ්කර එකක් වන නිසා මෙම ගම්මානයට ලගා වීමට අව්ස්තාව ලැබෙන්නේ අදිකව වැසි සහිත කාල වලදී හෝ වැසි නොමැති අදික වියලි කාලගුනයක් යටතේ පමණී.

මෙහි ඇති බොහොමයක් දාගැබ් වසා ගනිමින් වනස්පතිය වැවී ඇති නමුත් සමහරක් දාගැබ් නැවත ප්‍රතිසංස්කරනය කර තිබෙනවා.මෙම දාගැබ් අතරින් බොහොමයක් 17 වන හෝ 18 වන ශතවර්ශයේ නිම වන්නට ඇතිබව පර්‍යේශකයින්ගේ මතයයි.තුන්වන ශතවර්ශයේදී ඉන්දීය අදිරාජ්‍යයෙකු වූ අශෝක රජතුමා බුදු සසුනේ චිරස්තිතිය වෙනුවෙන් ආසියාතික රටවල් වල දර්ම ප්‍රචාරයේ යෙදුනු අතර මෙම දාගැබ් එමරජුගේ අනුග්‍රහයෙන් ඉදිවූ ඒවා බව බොහෝ දෙනාගේ මතයයි.මෙම ස්තානයේ ඇති පැරනිතම දාගැබ 17 වන ශතවර්ශයට අයත් එකක් බව පර්‍යේශන වල්දි හෙලි වී ඇති අතර  මෙම දාගැබ් අසල ඉතා රමනීය ලෙස කැටයම් කර ඇති බුදු පිලිම ද දකින්නට ලැබෙනවා.එසේම රනින් නිමවා ඇති බුදු පිලිමය අශෝක රජතුමා විසින් තම සුරතින් ඉදි කල එකක් බව වැසියන්ගේ මතයයි. නමුත් එම කරුන තහවුරු කිරීමට තරම් ශාක්ශි තවමත් ලැබී නැහැ.

02. බෙන්ග් මැලේයා.

beng mealea

කාම්බෝජයේ අගනගරය වන සිම් රීප් නගරයේ නගරයේ ලොව ඇති විශාලතම නටබුන් සහිත විහාර සංකීර්ණය පිහිටා තිබෙනවා.මෙම ප්‍රදාන විහාර සංකීර්ණයට සැතපුම් 40ක් පමණ ඔබ්බෙන් එයින් වෙන්වූ බෙන්ග් මැලේයා විහාර සංකීර්ණය දැක ගන්නට පුලුවන්. මෙම ස්තානයට ලගාවීම සදහා ඉතා දුශ්කර ගමනක් ගමන් කල යුතු අතර ඒ සදහා සාමානයෙන් ගත වන කාලය පැයක් පමන වනවා.

වසර 900ක් පමන ඉපැරණී යයි ගණන් බලා ඇති මෙම විහාර සංකීර්නය  12 වන ශතවර්ශයේ ඉදි කර ඇති බව පර්‍යේශකයින්ගේ මතයයි.එසේම කාම්බෝජයේ විසූ සූර්‍ය වා රමන් නම් රජුගේ අනුග්‍රහය යටතේ මෙය ඉදි කරන්නට් ඇති බව බොහෝ දෙනා  විස්වාස කරනවා.අන්ග්කොර් වට් විහාර වල ආභශය අනුව ඉදි කර ඇති මෙම ඉදිකිරීම් එහි ප්‍රදාන විහාර සංකීර්ණ්යට සම්බන්දකම් දක්වන බව පර්‍යේශකයින්ගේ මතයයි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ හින්දු සහ බෞද්ධ සංස්කෘතියට අයත් වන නිර්මාණ   රැසක්ම මෙම  ස්ථානයේදී  හමුවූ බවයි.ගවේෂණවල දී හමු වූ ඉතා ඉහල වටිනාකමක් ඇති පුරා විද්‍යා ආකෘතීන් රැසක් කෞතුකාගාරයක සං‍රක්ශණය කර ඇති අතර එය වටා ඇති  ඇති ස්වාභාවික දිය මාර්ගයක් ද දැකගන්නට පුළුවන්.

මෙහි ඇති බොහොමයක් නිර්මාණ ුරු ලතා මගින් ආක්‍රමණය කර ඇති  අයුරු අපට දැක ගන්නට පුළුවන්. මෙම ස්ථානයට ළඟාවීම තරමක් අපහසු වුවත් එක් වරක් එම ස්ථානයට ළඟා වූ පසු ගවේෂකයෙකු ට ගවේෂණය කිරීමට ඕනෑ තරම් දේවල් ඇති බව ඔබට දැකගන්නට හැකි වේවි.

03. කලක්මුල්.

calakmul

මෙක්සිකෝවේ කැම්පෙචේ හි ටීරාස් බජාස් වනාන්තරයේ අභ්‍යන්තරයට වන්නට  පිහිටා තිබෙන මෙම පුරාණ මායා නගරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙනවා. මෙම ස්තානයට ලගා වීම සදහා ඇති මාර්ගය ඉතා දුශ්කර එකක්.

මෙම මායා නගරය තුල උතුරු දෙසට පිහිටා ඇති දෙවන පිරමීඩය නම් පිරමීඩයක් පිහිටා ඇති අතර එහි උස මීටර 45ක් පමණ වෙනවා.කල්මුල් හි මෙම පිරමීඩය පිහිටා ඇති ප්‍රදේශය වර්ග කිලෝමීටර දෙකක වපසරියකින් යුක්ත වන අතර එහි ආකෘතීන් 1000 ක් පමණ දකින්නට ලැබෙනවා. නැගෙනහිර සහ බටහිර දෙසට මුහුනලා පිහිටා ඇති පිරමීඩ යුගලයක්ද මෙහි දකින්නට ලැබෙනවා.මෙම නගරය වටා ඇල මාර්ගයක් පිහිටා ඇති අතර කිව.500 ත් 800 ත් අතර කාලය තුල මෙම නගරයේ ස්වර්ණමය යුගය වන්නට ඇති බව පර්‍යේශකයින්ගේ මතයයි.සම්පූර්නයෙන්ම වර්ග කිලෝමීටර 27 කින් වටවූ මෙම ප්‍රදේශ්‍ය ඉදිකිරීම් 6700 කට නිවහන වී ඇති අතර එහි ජීවත් වූවා යැයි සැලකෙන මිනිසුන් සන්ඛ්‍යාව 50,000ක්.

එසේම මෙම නගරයේ ජීවත් විය හැකි උපරිම මිනිසුන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා යන බවද සදහන් වෙනවා.අතීතයේ කලක්මුල් විසින් සැතපුම් 150 ක් දුරට යනතුරු ප්‍රදේශ පාලනය කර තිබෙන බවටද ශාක්ශි හමු වී තිබෙනවා.

04. වට්පලාද්.

wat palad

තායිලන්තයේ පිහිටා ඇති මෙම හුදෙකලා විහාරස්තානය වට් පලාද්,වට් ඵා ලට් සහ වට් සකිතකා යන නමින්ද හදුන්වනු ලබනවා.නගරයෙන් මදක් ඔබ්බට වන්නට පිහිටා ඇති මෙම විහාරස්තානය බොහොමයක් සංචාරයකයන්ට මග හැරෙනා අපූරු ස්තානයක් බවට සැකයක් නැහැ. තායිලන්තයේ චියාන්ග් මි ප්‍රාන්තයේ පිහිටා ඇති ඉතා රමණීය විහාර භූමියක් ලෙස සැලකෙන මෙම විහාර ස්තානය කරා ලගා වීම තරමක් දුශ්කර වෙනවා.

වාහනයකට යා හැකි දුරට ගමන් කල පසු සංචාරකයින් තම පා ගමනින් ඉතිරි දුර ගමන් කල යුතු වෙනවා.මෙම ස්තානය සොබාදහමට බද්ද වූ ඉතා සන්සුන් ස්තානයක් වන අතර එහි ඇති අලංකාර වටපිටාව මෙන්ම අතිශයින් චම්ත්කාර ජනක කැටයම් දුටුවන් ක්ශණයකින් ආකර්ශනය කර ගැනිම්ට සමත් වෙනවා. මෙම කැටයම් අතර වන්දනාවෙ යෙදෙන පුද්ගලයන් අලි ඇතුන් මෙන්ම බුදු රූපද අන්තර්ගත වෙනවා.

<05. සෙලේශ්වරම් කෝවිල

saleswaram kovil

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ නල්ලමල වනාන්තරයේ පිහිටා ඇති මෙම සෙලේශ්වරම් කෝවිලකරා ලගවීම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නෑ.එම ස්තානයට ලගා වීමට නම් ඉතා විශාල කන්දක් තරණය කල යුතු වෙනවා. සැතපුම් 10 ක් පමන වාහනයක ගමන් කල පසු ඉතිරි සැතපුම් 3 වාහනයක් නොමැතිව ඇවිදීමට සංචාරකයන්ට සිදු වෙනවා.

මෙම කෝවීල ශිව දෙවියන් වෙනුවෙන් කැප කල දෙවොලක් වශයෙන් සැලකෙන අතර එය හයවන හෝ හත්වන ශතවර්ශයේ ඉදි කරන්නට ඇති බව පර්‍යේශකයින්ගේ මතයයි.මෙම ස්තානයේ අතීත හින්දු අක්ශර වලින් කරන ලද කැටයම් දකින්නට ලැබෙන අතර එහි ආගමික බව සමග බද්ද වූ සොබාදහම ගෙන එන්නේ අපූරු චම්ත්කාරයක්.

මෙම කෝවිල ආසන්නයේ මීටර 200ක් පමන වූ දිය ඇල්ලක් ඇද හැලෙන්නේ පරිසරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරමින්. එහි ජීවත් වන මිනිසුන් විස්වාස කරන්නේ පුර හද පායන දින වලට මෙම භූමිය සජීවි තත්වයට පත් වන බවයි.මෙම කෝවිල් භූමිය වසරකට දින 3-5 ත අතර කාලයක් පමනක් විවෘතව් තැබෙන අතර සන්චාරයන් බොහෝ වශයෙන් මෙම ස්තානය්ට පැමිනෙන්නේ මාර්තු හෝ අප්‍රේල් මාසය තුලයි.වෙනත් කාල වලදී මෙම ස්තානයට ඇතුල් වීමට නම් සංචාරකයන්ට විශේශ අව්සරයක් ලබා ගත යුතුවෙනවා.

06. කෝයා කදු මුදුන.

KOYA san

කෝයා කදු මුදුන ජපානයේ කොයෝටා සහ ඔසාකා වල පිහිටා ඇති බෞද්ද ජනයා ජීව්ත් වූ ඉපැරණි ස්තන දෙකක් ලෙස සදහන්.මෙම ස්තානය ඝන වනාන්තරයකින් වැසී ඇති අතර  එහි විහාරස්තාන 100ක් පමණ දකින්නට ලැබෙන බව වාර්තා වී තිබෙනවා.වර්ශ 819 දී බොහෝ ප්‍රසිද්ද භික්ශුන් වහන්සේ නමක් වූ කොබො ඩෙයිශි නම් භික්ශූන් වහන්සේ ඉදි කරන්නට ඇතැයි සැලකෙන මෙම ස්තානය බොහෝ සංචාරයකයින් අතින් ගීලිහී යන්නේ එම ස්තානයට ලගා වීමට ඇති අපහසුතාවය හේතුවෙන්.

මෙම ස්තානයට ලගා වීම සදහා කේබල්‍ කාර් එකක් භාවිතා කල හැකි අතර එසේත් නැතිනම් දින කිහිපයක වෙහෙසකර ගමනක යෙදීමට සංචාරකයින්ට සිදු වෙනවා.මෙම ස්තානයේ පිහිටා ඇති ශුකුබෝ නම් විහාරස්තානයේ පිහිටා ඇති නැවතුම් පල තුල නවාතැන් ගන්නා සංචාරකයන්ට බෞද්ද ජනයා ආහාරයට ගන්නා සාම්ප්‍රදායික ආහාර අනුභව කල හැකි අතරම භෞද්ද භික්ශුන් වහන්සේලා සමග කාලය ගත කිරීමටද අවස්තාව හිමි වෙනවා.එසේම සංචාරයන් හට උදෑසන ආගමික වතාවත් වලට සහභාගී වීමටද අවස්තාව හිමි වන බව සදහන්,

07. ලා සියුඩාඩ් බ්ලැන්සා.

la ciudad blanca

හොන්දුරන් වනාන්තරය ලොව මිනිසුන් විසින් අඩුවෙන්ම ගවේශනය කල ලොව විශාලතම වනාන්තරයක් බව සදහන්.මෙම භූමි භාගයේ දවල නගරය ලෙස හැදින්වෙන එසෙත් නැතිනම් වානර දෙවියන්ගේ නගරය ලෙසින් හැදින්වෙන නගරයක් පිහිටා ඇතිබවට ජනප්‍රවාදයේ සදහන්.

ඒ අනුව ආලෝකය හඳුනාගැනීම සහ පරාසය මැනීම යන විද්‍යාත්මක සංකල්ප දෙක ඔස්සේ මෙම න්ගරය ගවේශනය කිරීමට පර්‍යේශකයින් තීරණය කර තිබෙනවා.ඉන් කාලයකට පසු එනම් 2015 වර්ශයේදී ඇමරිකානු ජාතිකයෙකු වූ ඩග්ලස් ප්‍රෙන්ස්ටන් සහ පුරාවිද්යා ගවේශකයින් කන්ඩායමක් මෙම ඝන වනාන්තරය ගවේශනය කර තිබෙනවා. ඔවුන් මෙහිදී ජී පී එස් තාක්ශනය උපයෝගී කරගෙන ඇති අතර තම ගමන් මාර්ගය සලකුණු කර ගැනීම සදහා පොරව භාවිතයෙන් ගස් වල සලකුනූ තැබූ බවද සදහන්.

මෙම භූමිය වසර 1500 ක් පමන කාලයක් පුරා අත් හැර දමා ඇති අතර මෙම නගරයේ ජනශූන්‍ය වීමට හේතුව ලෙස පර්‍යේශකයින් පවසන්නේ යුරෝපීයයන් නිසා බෝවූ සරම්ප සහ වසූරිය වැනි රෝග ව්‍යාප්ත වීම බවයි.

08. එල් මිරාදෝර්.

ලොව ඇති උසින් වැඩිම මායා පිරමිඩය සහ විශාලතම මායා නගරය පීහිටා තිබෙන්නේ ඉතා ඝන නිවර්තන වනාන්තරයක් වනමෙම  ගෝතමාලා වනාන්තරය තුලයි.මෙම භූමි භාගය එල් මිරාදෝර් ලෙස හදුන්වන අත්‍ර මෙම ස්තානයට ලගා වීමට ඇති එකම මාර්ගය වන්නේ හෙලි කොප්ටරයක් භාවිතා කිරීම හෝ වනාන්තරය තුලින් දින හතක පමන භයානක ගමනක නිරත වීමයි.

මෙම පිරමීඩ වසර 2000 කට පෙර ඉදි කරන්නට ඇති බව පර්‍යේශකයින්ගේ මතයයි.මෙම භූමි භාගය තුල ප්‍රදාන පිරමීඩ තුනක් දකින්නට ලැබෙන අතර ඒවා එල් ටිග්‍රේ, ලොස් මොනොස් සහ ලා ඩන්ටා යන නම් වලින් හදුන්වනු ලබනවා. ලා ඩන්ටා පිරමීඩය මෙම පිරමීඩ අතුරින් වඩාත් උසින් වැඩි පිරමීඩය වන අතර එය මීටර 70 ක උසකින් යුතු වෙනවා.මෙම පිරමීඩ්යේ පරිමාව ඝන මීටර 2,800,00 ක් වන අතර පර්‍යේශකයින් විශ්වාස කරන්නේ මිනිස් දින මිලියන 15ක් මෙම ඉදි කිරීම සිදු කිරීම සදහා වැය වන්නට ඇතිබවයි.

2003 වසරේ සිට මෙම භූමි ප්‍රදේශයේ කැනීම් කටයුතු වල නිරත වන රිචඩ් හැන්සන් මහතා පවසා සිටින්නේ මෙම භූමීප්‍රදේශය ආසන්නව ජල මූලාශ්‍ර නොමැතිව තිබියදිත් මේ තරම් විශාල ජනකායක් ජීවත් වීම තමා පුදුමයට පත් කරවන බවයි. මෙම නගර මද්‍යයේ ඉදිකීරීම 1000 ක් පම්න දකින්නට ලැබෙන අතර එහි මිලියනයක් පමන මිනිසුන් ප්‍රමාණයක් වාසය කරන්නට ඇති බව් සැලකෙනවා.

මෙම ස්තානය 1926 වර්ශයේ සොයාගෙන ඇති අතර මේ වන තුරුම මායා වරුන් විසින් සැගවූ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට බොහොමයක් පර්‍යේශකයින් වෙහෙස මහන්සි වී කටයුතු කරන බව සදහන්.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.