30 C
Colombo
Saturday, May 16, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

කෙනෙක් ඔබට අකමැති බව පැහැදිලි වන ලක්ෂණ 10ක්

අපිට එදිනෙදා ජීවිතය තුල හමුවන මිනිසුන් විවිධාකාරයි.ඔවුන්ගේ ගති පැවතුම් සිරිත් විරිත් වගේම කතා බහ කරන විලාශයද වෙනස් වෙන්න පුළුවන්. අපට එදිනෙදා ජිවිතයේ හමුවන මේ මිනිසුන් අතර අපව ප්‍රිය කරන අය වගේම අපව අප්‍රිය කරන අයත් ඉන්නට පුළුවන්.ඔවුන් අප සමග කතා කලත් සිනා වුනත් ඔවුන්ගේ දෑස් වල තොල් වල වගේම දෑත් වල ස්වාභාවය අනුව ඔවුන්ගේ සිතේ අපි ගැන තිබෙන අප්‍රසාදය හදුනා ගැනීමට පුළුවන්. අද අපි ඔයාලට කියන්න යන්නේ අපිත් එක්ක හොදින් කතා බහ කලත් ඇතුලාන්තයෙන් අපි සමග තරහක් ඇතුව අපිව අප්‍රසන්න කරන මිනිසුන් හදුනාගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ක්‍රම 10ක් ගැනයි.

01. ඔබව අතේ දුරින් තබා ගැනීමට ඔවුන් උත්සාහ දැරීම.

එකිනෙකාට කරදරයක් නොවෙන විදියට පුද්ගලිකත්වය ආරක්ෂා කරන එක ගොඩක් හොද දෙයක් උනත් කෙනෙක් ඔබ සමග කතා බහ කරනවිට කෙනෙක්  නිතරම ඔබ දෙදෙනා අතර සැලකිය යුතු තරම් පරතරයක් තබා ගැනීමට උත්සාහ කරනවා නම් එය සුබදායි කාරනයක් වන්නේ නැහැ.මනොවිද්යාඥයන් පවසන්නේ අපි කෙනෙකුට කැමති වූ විට එම පුද්ගලයා සමග වැඩි වෙලාවක් රැදීමට  කැමැත්තක් දක්වනවා වගේම අපි අකමැති අය හැකි තරම් දුරින් තබා ගැනීමට උත්සාහ කරනවා.ඉතින්  කෙනෙක් ඔයාව නිතරම ඈතින් තබා ගන්නට උත්සාහ කරනවා නම් ඒකෙන් කියන්නේ ඔයාව එයාට අප්‍රසන්නයි කියන එක වෙන්න පුළුවන්.

02. කතා බහ කරන විලාසය.

ඔබ බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක් සමග කතා කරන ආකාරය සිහියට නගා ගන්න.එවැනි අවස්ථාවක ඔබ කතා කරන්නේ ඉතා උද්යෝගයෙන් වගේම සතුටින්.ඒවගේම පුළුවන් උපරිම කාලයක් එම පුද්ගලයා සමග  කතා බහ කරන්නත් ඔබ උත්සාහ ගනීවි.නමුත් ඔබ අප්‍රසන්න කෙනෙක් සමග කතා කරන්නට අවශ්ය උනොත්: ඔබ සිදු කරන්නේ හැකි තරම් ඉක්මනින් කරණය පවසා එම ස්ථානයෙන් පිටවීමට හෝ කතා බහ නිමා කර දුරකතනය විසන්ධි කිරීමටයි.ඔබ සමග කතා බහ කරන කෙනෙකුත් මේ ආකාරයටම ඉතා ඉක්මනින් කතා බහ නිමා කිරීමට උත්සහ කරනවා නම් සහ ඉතා අලසකමින් කතා කරනවා නම් ඔහු හෝ ඇය ඔබව ඔබ නොදැනුවත්වම අප්‍රිය කරනවා වෙන්නට පුළුවන්.

03. ඔබ පවසන දෙයට සවන් යොමු නොකිරීම.

ඔබ කෙනෙකු සමග සංවාදයේ යෙදෙන විට ඔහු හෝ ඇය ඔබ පවසන දේ පිලිබදව කුඩා හෝ අවධානයක් යොමු කරන්නේ නැත්නම් එයින් හැගී යන්නේ ඔබව ඔහු හෝ ඇයට අප්‍රසන්න බව වෙන්නට පුළුවන්.එසේම පිරිසක් සමග සංවාදයේ යෙදෙන විට ඔබ පවසන දෙයට සවන් නොදෙන සහ ඔබ පවසන දේ සැලකිල්ලට නොගෙන වෙනත් යමක් පවසන කෙනෙක් වේ නම් ඔහු හෝ ඇයත් කලින් සදහන් කල අකාරයටම ඔබව අප්‍රිය කරනවා වෙන්නට පුළුවන්.කෙසේ වෙතත් මෙවැනි යහළු යෙහෙලියන් ඔබ සමග සිටිනවා නම් ඔබ වහාම සිදු කල යුත්තේ එවැනි පුද්ගයයන ගෙන් ඈත් වීමයි.ඔබව අප්‍රිය කරන පුද්ගලයන් සමග කාලය ගත කිරීම ඔබට මෙන්ම ඔවුන්ටත් වෙහෙසකර යමක් වන්නට පුළුවන්.

04. ව්‍යාජ සිනහව.

සිනහව ය්න්ය් කිසිදු මුදලක් වැය කිරීමෙන් තොරව ඔබට අන් අය වෙත ලබා දිය හැකි දෙයක්.නමුත් ඔබ සමග අකමැත්තෙන් සිනහ වන පුද්ගලයන් හදුනා ගැනීමටත් ඔබට සිනහව භාවිතා කරන්නට පුළුවන්.මනෝ විද්‍යාඥයන් පවසන්නේ කෙනෙක් අව්‍යාජ ලෙස සිනහ වන විට ඒ සදහා මුහුණේ සියලුම පේශි සම්බන්ධ වන බවයි.මේ නිසා ඇස් වටා මෙන්ම මුඛ්‍ය වටාද කුඩා සිහින් රැලි ඇති වෙන්නට පුළුවන්.ව්‍යාජ සිනහවකින් මුව සරසාගන්නා පුද්ගලයන්ගේ මුහුණේ ඉතා කුඩා සිනහවක් පමණක් දකින්නට ලැබෙන අතර ඔවුන් සිනහ වීම සදහා මුහුණේ සියලුම පේශි භාවිතා කරන්නේ නැහැ.මෙවැනි සිනහවක් ඇති පුගලයන් ඔබ සමග සිනා සෙන්නේ සිනා නොවී බැරි කමට වන්නට පුළුවන්.

05. දෙතොල් එකිනෙක තද කිරීම හෝ දෙතොල් පෙරලීම.

ඔබ කෙනකේ සමග කතා බහ කරන විට ඔවුන් දෙතොල් එම මත එක තබා තද කරයි නම් හෝ දෙතොල් පෙරලයි නම් එයින් අදහස් වන්නේ ඔවුන් තරමක් අපසුවෙන් කාලය ගතකරන බවයි.ශරීරයේ අංග පිළිබව පර්යේෂණ වල නියුතු පිරිස් පෙන්වා දෙන්නේ තොල් පෙරලීම හෝ තද කිරීම ආතතිය පිට කිරීමේ ක්‍රමයක්  ලෙසයි.එසේම ඔබ දෙදෙනා අතර ඇති කතා බහේ මාතෘකාව නිසාද කෙනෙක් මෙසේ අපහසුවෙන් සිටින්නට පුළුවන්.මේ නිසා අවසන් නිගමනයකට එලබීමට පෙර ඔබ දෙදෙනා අතර ඇති කතා බහ වෙනස් කර ඔවුන්ගේ ශරිර ලක්ෂණ පිලිබදව නැවත විමසිලිමත් වන්න.

06. ඔවුන් ඔබගේ දෑස් දෙස බලා කතා නොකිරීම.

සන්නිවේදනය සදහා අතිශයින් වැදගත් කාරණයක් වන්නේ දෑස් වලින් කෙරෙන සන්නිවේදනයයි.කෙනෙකු ඔබ සමග විස්වාසයෙන් යුතුව කතා බහ කරන්නේ නම් එම පුද්ගලයාට ඔබගේ දෑස දෙස බලා කතා කිරීමට හැකියාව තිබිය යුතු වෙනවා..එසේ නොවන්නේ නම් ඔබ සමග කතා කරන පුද්ගලයා සතු අවංක නොවන හැගීම් නිසා එය එසේ සිදුවන බව අපට පවසන්නට පුළුවන්.නමුත් කෙනෙක් සතුව ඇති ආත්ම ශක්තිය හීන වීම වගේම ඔවුන්ගේ මානසික තත්වයන් නිසාත් මෙය  මෙසේ වන්නට පුළුවන්.මේ නිසා මෙවැනි කාරණයක් ඔබ අවට සිටින කෙනෙකුගෙන් නිරීක්ෂණය වූ විට ඔවුන් සතුව අප මුලින් කී කරුණු එකක් හෝ කිහිපයක් තිබෙනවාද යන්න පරික්ෂා කර බලන්න.එමගින් ඔබට පැහැදිලි නිගමනයකට එලබෙන්න්ට පුළුවන්.

07. ඔබ සමග කතා කරන පුද්ගලයාගේ පාද ඔබගෙන් ඉවතට හැරී තිබීම.

ඔබ සමග කතා බහ කරන පුද්ගලයාගේ පාද ඔබගෙන් ඉවතට හැරී තිබේ නම් එයින් අදහස් වන්නේ ඔබ කතා කරන දෙය පිලිබදව හෝ ඔබ ගැන හෝ ඔවුන් තුල ඇති අකමැත්ත වන්නට පුළුවන්.ඔබට ඉතා පහසුවෙන් මෙය නිරීක්ෂණය කල හැකියි.නමුත්  මෙවැනි අවස්ථාවක ඔවුන් ඔබව අප්‍රිය කරනවා යන නිගමනයට එලබීමට පෙර ඔවුන් සමග සිදු කරන කතාවේ මාතෘකාව වෙනස් කිරීමට උත්සහ කරන්න.එය සාර්ථක නොවේ නම් වඩාත් සුදුසු වන්නේ එවැනි පුද්ගලයන් ගෙන් ඈත් වී සිටීමයි.

08. කතා බහේ නිරත වන විට ගෙල ස්පර්ශ කිරීම.

ඔබ සමග කතා බහේ නිරත වන පුද්ගලයා නිතරම ගෙල ස්පර්ශ කරයි නම් හෝ උරහිස පිරිමදියි නම් එයින් අදහස් වන්නේ ඔබ පවසන දෙයට ඔවුන්ගේ ඇති අකැමත්ත හෝ ඔබ ගැන ඔවුන් තුල ඇති අකමැත්ත වන්නට පුළුවන්.මනොවිද්යාඥයන් පෙන්වා දෙන්නේ කෙනෙකුට මානසික ආතතිය,කාංසාව සහ අනාරක්ෂිත බවක් දැනුනු විටත් මෙසේ ගෙල ස්පර්ශ කිරීම සිදු කරන බවයි.එසේම කෙනෙකු කතා බහ කරමින් සිටින අතරතුර එක්වරම මෙම ඉරියව් වලට එලබේ නම් ඔබට ඔවුන් සමග ඇති ආශ්‍රය පිලිබදව වහාම තීරණයක් ලබා ගන්නට පුළුවන්.

09. අත් තබා ගන්නා ආකාරය.

ඔබ සමග කතා බහේ නියුතු පුද්ගලයන් අත් තබා ගන්නා ආකාරය අනුව ඔබට ඔවුන්ගේ සිතේ ඇති යම් යම් දේවල් අනුමාන කරන්නට පුළුවන්.ඔබ සමග කතා බහේ  නියුතු පුද්ගලයන් දෑත් බැදගෙන කතා බහේ නිරත වේ නම් එයින් අදහස් වන්නේ ඔවුන් ඔබ පවසන දෑ පිලිබදව ඔහු හෝ ඇය වැඩි අවධානයක් නොදක්වන බවයි.එසේම ඔබ වාඩිවී කතා බහ කරන අවස්ථාවක් ඔබ සමග කතා බහේ නියුතු පුද්ගලයා තම උකුල මත දෑත් තබාගෙන කතා කරයි නම් ඔවුන් ඔබ සමග කෙරෙන කතාව ගැන බලවත් උනන්දුවකින් පසුවන බව මනෝ විද්‍යාඥයන් පවසා තිබෙනවා.නමුත් ඔවුන් පුටුවේ ඇන්ද මත දෑත් තබා ගනී නම් එයින් අදහස් කරන්නේ ඔවුන් කතා බහ පිලිබදව එතරම් ප්රියතවයකින් කටයුතු නොකරන බවයි.

10. ඔබගේ ඉරියව් වෙනස් කරන්න.

කතා බහේ නිරත වන අතරතුර ඔබ ඔබගේ ඉරියව් මදක් වෙනස් කරන්න.එසේ කරන විට අනෙක් පුද්ගලයාද ඔබව අනුගමනය කරයි නම් එයින් අදහස්  වන්නේ ඔහු හෝ ඇය ඔබගේ සංවාදය බෙහෙවින් ප්‍රිය කරනා බවයි.නමුත් ඔවුන් ඔබගේ දේහ ඉරියව් පිලිබදව තැකීමක් සිදු නොකරයි නම් එයින් අදහස් වන්නේ මෙම කතා බහ පිලිබදව හෝ ඔබ පිලිබදව ඔහු හෝ ඇය එතරම් ප්‍රියතවයකින් යුතුව කටයුතු නොකරන බවයි.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.