ඔබ මුහුණ සේදීම නතර කළහොත් කුමක් සිදු වේවිද?

0
10

උදැසන අවදි වූ වහාම අප සිදු කරන්නේ මුහුණ සෝදා දත් මැද දවස ආරම්භ කිරීම සදහා උත්තේජනයක් ලබා ගැනීමයි.නමුත් එදිනෙදා ජිවිතයේ සිදු කල මෙම මුහුණ සේදීම මාසයක් පුරාවට සිදු නොකර සිටියොත් කුමක් සිදු වේවිද? අපි අද ඔබට කියන්න යන්නේ මාසයක් පුරා මුහුණ නොසෝදා සිටීමෙන් ඔබට සිදු වන දේ පිලිබදව වන විස්තරයයි. ඇසු සැනින් ඔබට දැනටමත් අප්‍රසන්න හැගීමක් ඇති වී තිබෙන්නට පුළුවන්.මේ ලිපිය අවසානය තෙක් කියෙව්වොත් ඔබට ඔබගේ සිතේ ඇති කුතුහලය සම්පුර්ණයෙන්ම අවම කර ගැනීමට හැකි වේවි.

පළමුව අප අවධානය යොමු කල යුත්තේ අප මුහුණ සොදන්නේ කුමක් අරමුණින් ද යන්නයි.අප මුහුණ සෝදන විට මුහුණේ ඇති කුණු දුහුවිලි සහ අපද්‍රව්‍ය සියල්ල ඉවත් වී යන අතරම තෙල් සහ වෙනත් මැරුණු සමද ඉවත් වීම සිදු වෙනවා.නමුත් ඔබ ඔබගේ මුහුණ සේදීම සම්පුර්ණයෙන්ම නතර කර දැමුවහොත් සිදු වන්නේ සමේ ඇති මෙම කුණු දුහුවිලි දිගින් දිගටම වර්ධනය වී සමේ ඇති සිදුරු වැසි යාමයි.මෙසේ වැසී යාම නිසා සම නැවත අලුත් වීමක් සිදු වන්නේ නැහැ.මේ නිසා ඔබගේ සමේ කසන සුළු ස්වාභ්වයක් සමග සමේ කුරුලෑ සහ වෙනත් බිබිලි ඇති වීමට පටන් ගන්නවා.

ඔබගේ සම තෙල් අධික සමක් නම් ඔබ මුහුණ සේදීම නතර කල වහාම සමේ තෙල් නිෂ්පාදනය වැඩි වී කුරුලෑ සහ ලප කැළැල් ඇති වීමේ වේගය සිඝ්‍රයෙන් වර්ධනය වෙනවා.ඔබගේ සම වියලි සමක් නම් ඔබ මුහුණ සේදීම සම්පුර්ණයෙන්ම නතර කිරීම නිසා සම අධිකව වියලීමට පටන් ගන්නට පුළුවන්.මේ නිසා ඔබගේ සම සම්පුර්ණයෙන්ම හානි වන්නට පුළුවන්.

නමුත් ඔබ දන්නවාද ලෝකයේ සමහරක් ප්‍රදේශ වල මිනිසුන් තමන්ගේ මුහුණ සේදීම කිසිසේත්ම සිදු කරන බව.ඔවුන් එසේ මුහුණ නොසෝදා සිටින්නේ එම ප්‍රදේශ වල ඇති ජලය හිගකම හේතුවෙන්.නමුත් ඔවුන්ගේ මුහුණු වල අප සිතන ආකාරයට අප්‍රසන්න වන්නේ නැහැ.

සම පිළිබද පර්යේෂණ සිදු කරන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ජාන,සමේ ස්වාභාවය,වයස,හෝර්මෝන,ජිවන රටාව මෙන්ම පාරිසරික තත්ව අනුව මෙම ස්වාභාවයන් වෙනස් විය හැකි බවයි.ඔවුන් පෙන්වා දෙන්නේ ජලය නොමැතිව වුවද ඔබගේ මුහුණ ඉතා පිරිසිදුව තබා ගැනීමට හැකි බවයි.

ඒ ක්ලේන්සර්,ටෝනර් සහ ඔබ සාමාන්යෙන් ඔබගේ මුහුණට භාවිතා කරන ආලේපන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන්.2016 වර්ෂයේ මිචිගන් සරසවියේ සිදු කරනු ලැබූ පර්යේෂණයකින් තහවුරු වී තිබෙන්නේ ජලය භාවිතා කර මුහුණ සේදීම නවත්වා දැමු විට ඔබගේ සමේ බැක්ටීරියා සමබර තත්වයෙන් පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙන බවයි.ඔවුන් පෙන්වා දෙන්නේ ඔබ මුහුණ සෝදන සෑම අවස්ථාවකදීම ඔබගේ සමේ ඇති ස්වාභාවික සෛල ස්ථරය විනාශ වී යන බවයි.විශේෂයෙන්ම සංවේදී සහ තෙල් සහිත සමක් හිමි පුද්ගලන්ට මෙය ඉතා විශාල හානියක් බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ දිනයකට එක් වරක් ක්ලේන්සර් යොදා මුහුණ පිරිසිදු කිරීමෙන් ඔබගේ සමට අවශ්ය පිරිසුදු බව සම්පුර්ණයෙන්ම ලැබෙන බවයි.නමුත් ඔබ එය සිදු නොකළහොත් ඔබගේ මුහුණට කුරුලෑ,බ්ලැක් හෙඩ් සහ විවිධ ආසාදන ඇති වීම වැළක්විය නොහැකි වෙනවා.උදෑසන මුහුණ සේදීම වෙනුවට රාත්‍රී කාලයේ මුහුණ ක්ලේන්සින් කිරීම ඔබට තරමක් නුපුරුදු අත්දැකීමක් වුවත් මේ වන විට එය ක්‍රමයෙන් ප්‍රචලිත වන බව පර්යේෂකයින් පෙන්වා දී තිබෙනවා.

ඔබ තෙල් සහිත සමක් සහිත කෙනෙක් නම් ඔබට ඔබගේ සමට ගැලපෙන ක්ලේන්සින් වර්ගයක් තෝරා ගෙන දිනපතා භාවිතා කරන්නට පුළුවන්.එමගින් ඉතා සුළු කාලයක් තුල සමේ ඇති සියලුම කුණු දුහුවිලි ඉවත් කර ගැනීමට ඔබට පුළුවන්.මෙසේ ක්ලේන්සින් කිරීමෙන් පසු පොල්තෙල් ස්වල්පයක් මගින් සම සම්බාහනය කිරීමටත් අමතක කරන්නට එපා.

පසුදින උදයේ මුහුණ සෝදා නොසිටීම ඔබට තරමක් නුහුරු අත්දැකීමක් වෙන්නට පුළුවන්.මුහුණ සේදීම හැරුණු කොට ඔබ කරනු ලබන සියල්ල සිදු කර දවස ආරම්භ කරන ඔබට වෙනදාට වඩා මුහුණේ තෙල් අඩංගු බව දැනෙන්නට පුළුවන්.නමුත් ඔබට සම්පුර්න ප්‍රතිපල වෙනුන් දවස් කිහිපයක් ඉවසීමට සිදු වෙනවා.

පසුදින උදයේ ඔබ සිතන අයුරින් මුහුණේ තෙල් ගබඩා වී ඇත්තේ නැහැ.මේ සමගම ඔබට සුබදායි ප්‍රතිපල ලැබෙන්නට පටන් ගන්නවා.ඔබගේ මුහුණේ ඇති තෙල් ප්‍රමාණය ඉවත් වී සමේ ඇති ස්වාභාවික තෙල් සම්පුර්ණයෙන්ම සමබර වී ඇති බව ඔබට දැක ගන්නට පුළුවන්.

සතියක් පමණ ගත වන විට ඔබගේ මුහුණේ තෙල් ස්වාභාවය ඉවත් වී ක්‍රමයෙන් සාමාන්‍ය සමක් බවට ඔබගේ සම පත් වී ඇති ආකාරය අත්දකින්නට ඔබට පුළුවන්.ඔබගේ සමේ තිබු විශාල කුරුලෑ මේ සමගම ඉවත් වීමට පටන් ගන්නවා.

මෙසේ මාසයක් සිදු කරන විට ඔබ කලින් අපේක්ෂා කල කිසිවක් ඔබගේ මුහුණට සිදු වී නැති බව ඔබටම අත්දකින්නට පුළුවන්.ඒ වෙනුවට ඉතා නිරෝගී සාමාන්‍ය සමක් ඔබට හිමි වී තිබෙන්නට පුලුවන්.මෙමගින් සිදුවන ජීව විද්‍යාත්මක කාරණය වන්නේ ඔබගේ සම ට ස්වාභාවිකව තෙල්,බැක්ටීරියා පාලනය කිරීමට අවස්තාව ලබා දීමයි.

එසේම එමගින් ඔබට උදෑසන වැය වන කාලයද ඉතිරි කර ගැනීමටද අවස්ථාව හිමි වේවි.

මෙය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබ මතකයේ තබා ගත යුතු කරුණු දෙකකි.

01. අධිකව ක්ලේන්සර් භාවිතා කිරීමෙන් වලකින්න.

ඔබ නගරබද ජිවත් වනා කෙනෙක් නම් ගම්බද ජිවත් වන කෙනෙකුට වඩා වැඩි ක්ලේන්සර් ප්‍රමාණයක් අවශ්‍ය වන්නට පුළුවන්.සෑම විටම ඔබට අවශ්‍ය තරමින් පමණක් මේවා සමේ ආලේප කිරීමට මතක තබා ගන්න.

02. ඔබගේ සමට ගැලපෙන ක්ලෙන්සර් වර්ගය තෝරා ගන්න.

ඔබගේ සමට ගැලපෙන ක්ලේන්සර් වර්ගය තෝරා ගැනීම සදහා ඔබට රුපලාවන්‍ය ශිල්පියෙකුගේ සහය ලබා ගන්නට පුළුවන්.ඔබ මතක තබා ගත යුතු අනෙක් කාරණය වන්නේ සෑම දිනයකම අනිවාර්යෙන්ම ඔබ ක්ලේන්සර් භාවිතා කල යුතු බවයි.ඔබ නිවසට පැමිණෙන වෙලාව උදැසන 3 වුවත් ඔබ නින්දට යා යුත්තේ සම ක්ලේන්ස්ර් කිරීමෙන් පසුවයි.

ඔබත් විවිධ ආලේපන භාවිතා කිරීම නිසා වෙහෙසට පත් වූ කෙනෙක් නම් ඔබටත් මේ ක්‍රමය අත්හදා බලන්නට පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here