31 C
Colombo
Saturday, May 16, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර ‘කහ’ සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. නමුත් මේ දිනවල වෙළෙඳපොළේ පවත්නා කහ හිඟතාව කාගේත් කතාබහට ලක්වෙන්නකි.

අන් කවරදාටත් වඩා මේ කාලයේ කහ මිලෙහිද ඉහළ යාමක් දක්නට ලැබෙයි. එයට හේතුව ලෙස කෘෂිකාර්මික අංශයේ විද්වතුන් මෙන්ම වෙළෙඳුන් පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතය හමුවේ මේ දිනවල කහ සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් එයට සාපේක්ෂව වියළි කහ සහ කහ බීජවල ඇති හිඟතාවයත්ය. පාරිභෝගිකයින් වෙළෙඳපොළෙන් කහ මිලට ගැනීමට අපේක්ෂාවෙන් සිටියත් කහ වෙළෙඳපොළෙහි නොමැති බවට ඔවුහු මැසිවිලි නගති. පවත්නා තත්ත්වය හමුවේ මෙලෙස කහ මිල ඉහළයාම වැළැක්වීමට රජය කහ සඳහා පාලන මිලක් ද ප්‍රකාශයට පත් කොට තිබේ. සාමාන්‍යයෙන් කහ කිලෝවක පාලන මිල රුපියල් 750 කට රජය නියම කළ ද මේ වන විට කළුකඩ වෙළෙඳුන් කහ කිලෝව රුපියල් දෙදහසට එහා මිලෙකට අලෙවි කරන බවට ද සමාජයෙන් චෝදනා එල්ල වෙයි. ඒ අනුව කහ ග්රෑම් සියක් රුපියල් දෙසීය පන්නා හොර රහසේ අලෙවි වන බවට ද චෝදනා එල්ල වෙයි. මේ ආකාරයට කහ හිඟතාවත් කහ මිලෙහි වැඩිවීමක් සිදු වුයේ ඇයි?

මේ පිළිබඳව අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද පවසන්නේ ‘පසුගිය වසරේ දෙසැම්බර් මස රජය විසින් දේශීය කෘෂි කර්මාන්තය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව දේශීය ගොවියන් ආරක්ෂා කර ගනිමින් මෙරට කුළුබඩු වගා කරන්නන් දිරිමත් කිරීම සඳහා කහ ඇතුළු තවත් බෝග වර්ග පිටරටින් ගෙන්වීම සීමා කරමින් නතර කිරීමට ගත් පියවර ගැනීමත් අනපේක්ෂිතව රටේ ඇති වූ කොරෝනා වසංගතය හමුවේ කහ සඳහා ඇති වූ විශාල ඉල්ලුමත් හේතුවෙන් මෙරට කහ හිඟයක් ඇතිවීමට එම තත්ත්වය බලපෑ බවයි. 2019 වසරේ මාර්තු අප්‍රේල් මාසවල වගා කළ කහ අස්වැන්න තමයි 2020 මේ දිනවල අපට පරිභෝජනය සඳහා ගැනීමට සිදු වී තිබෙන්නේ.

එය ප්‍රමාණවත් නැහැ. නමුත් මේ වන විට අපනයන කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් මෙරට කහ වගාව හෙක්ටයාර 2200ක් වවන්න කටයුතු සිදු කර තිබෙනවා.

එයින් ලබන වසරේ ජනවාරි, පෙබරවාරි වන විට සෑහෙන අස්වැන්නක් අපිට ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව ගෘහාශ්‍රිතව ගෙවතු වගාවක් ලෙස කහ වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට දියත්කර තිබෙනවා. ඒ වගේම මෙරටට ගෙන් වූ වියලි කහ මේට්‍රික්ටොන් 600ක් පමණ නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ගිය අප්‍රේල් මස හිමි වුණා.

එනිසා ඉදිරියේ දී රටේ කහ හිඟයක් ඇති නොවේවි. දැනටත් මේ පිළිබඳ අපි වැවිලි කර්මාන්ත අමාත්‍යතුමන් සමඟ සාකච්ජා කරමින් ඉන්නේ.’ යනුවෙන් ඔහු පවසයි.

‘ලංකාවේ වසරකට පරිභෝජනය සඳහා වියළි කහ මෙට්‍රික්ටොන් 7500ක් පමණ අවශ්‍ය වෙනවා. එයින් මෙට්‍රික්ටොන් 2000ක් වගේ ප්‍රමාණයක් තමයි මෙරට නිපදවන්නේ. ඉතිරි ප්‍රමාණය මේට්‍රික්ටොන් 5000ක් පමණ මෙරටට විදෙස් රටවලින් ගෙන් වූවා. කහ කිලෝ එකක් නිපදවන්න ගොවිමහතකුට අපි රුපියල් සීයක ආධාර ලබාදෙනවා.

අවම වශයෙන් ඔහු කිලෝ දහයකට එහා නිපදවිය යුතුයි. ඒ අනුව බීජ කහ කිලෝ එක්දහස් පන්සීයක් නිපදවීම සඳහා එක්ලක්ෂ පනස්දහසක මුදලක් අපි ලබා දෙන්න කටයුතුකර තිබෙනවා.

ඒ අනුව අපි ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ගොවි මහතකුට කහබීජ කිලෝ එකකින් කිලෝ විස්සක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.

තුෂාරි වික්‍රමසිංහ
සිළුමිණ පුවත්පත

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.