30 C
Colombo
Saturday, May 16, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

හෙට සිට සති දෙකක් සාමාන්‍ය මගීන්ට පොදු ප්‍රවාහනය සීමා වෙයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය හෙට (11) සිට ලිහිල් කිරීමට නියමිතව තිබුණද පොදු ප්‍රවාහන සේවාවන් හරහා සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහණ පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (09දා) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේදී.

ඒ් අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහණ පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි.

එසේම දුම්රිය හා බස් රථ තුළින් තම රාජකාරි සඳහා ප්‍රවාහණ සේවා ලබා ගන්නා සියලුම පුද්ගලික හා රාජ්‍ය අංශයේ නිලධාරින් මුඛ ආවරණ පැළදගැනීම හා සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් ගැනීම මෙන්ම මාර්ගවලට කෙළ ගැසීමෙන් වැළකීම, කිවිසුම් හරින විට වැළමිට ප්‍රදේශයෙන් මුඛය ආවරණය කර ගැනීම ඇතුළු සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

තවද බස් රථ හා දුම්රිය ආසනවල ඇති ආධාරක ස්පර්ශ කිරීමේන් වැළකීම මෙන්ම ඒ්වා ස්පර්ශ කළහොත් වහාම විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කර ගැනීම වැනි සියලු සනීපාරක්ෂක විදි අනුගමනය කරන ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අතර කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් පුද්ගලයින් 61ක් දෙනෙකු අද සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාධනය වී සුවය ලබා එක් දිනක් තුලදී රෝහලෙන් පිටව ගිය වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙයයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 321ක් දක්වා ඉහල ගොස් ඇති අතර මේ වන විට රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්‍යාව 517ක් ලෙසයි සඳහන් වන්නේ.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 847ක් වන අතර ඉන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.