31 C
Colombo
Saturday, May 16, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

ශුක්‍රාණු වලත් කොරෝනා වෛරසය තිබෙන බව සොයා ගනියි

කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය පවතින බව චීන වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා. මෙම අනාවරණයත් සමග කොරෝනා වෛරසය තවකෙකු හට ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය මේ පිලිබදව වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුලදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබෙනවා.

මෙම පිරිසෙන් 16% කගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බවයි එම පර්යේෂකයින් සඳහන් කරන්නේ. වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මතද එය පවතින බවයි මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැලකි සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි එම පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, එබෝලා සහ සිකා වැනි වෙනත් වෛරස් සමඟත් මීට පෙර මෙවැනි තත්වයක් පෙන්නුම් කර ඇති බැවින් මෙය පුදුමයට කාරණයක් නොවන බවයි පර්යේෂකයින් වැඩි දුරටත් සදහන් කරන්නේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 270,700 ඉක්මවා තිබෙනවා. මේ දක්වා ගෝලීය වශයෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 3,916,257ක්. ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් වන අතර ඉන් සුවය ලැබූ ගණන 232 ක් ලෙස වාර්තා වෙනවා.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.