31 C
Colombo
Saturday, May 16, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ.

මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය වැඩි වී තිබේ. කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ නගරයේ ප්‍රවාහන කටයුතු සීමා කිරීමටත්, නගර සීමා වසා දැමීමටත් බලධාරීහු පියවර ගත්හ.

මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. ජිලින් නගරයේ ලක්ෂ 40කට වැඩි පිරිසක් ජීවත් වෙති.

කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ මඟී බස් ප්‍රවාහන සේවා නවතා දැමීමට නගර බලධාරීහු පියවර ගත්හ. නගරයෙන් පිටතට යා හැක්කේ ‘කොවිඩ්-19’ පරීක්ෂාව කර වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු අයට පමණි.

ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් “දැඩි ස්වයං-නිරෝධායන” සීමා පැනවීමට ද ජිලින් නගර බලධාරීහු පියවර ගෙන ඇත.

නගරයේ සිනමා ශාලා, ගෘහස්ත කායවර්ධන මධ්‍යස්ථාන, අන්තර්ජාල කැෆේ සහ අනෙකුත් පොදු ස්ථාන සියල්ල වහාම ක්‍රියාත්මක කරන පරිදි වසා දැමීමට ද නගර පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ නමුත් ඖෂධහල් විවෘත කර තබන්නැයි ද උණට ලබාදෙන බෙහෙත් අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා කරන්නැයි ද නගර පරිපාලනය ඖෂධහල්වලට දැනුම් දී ඇත.

ජිලින් නගරයෙන් කොරෝනා ආසාදිත පොකුර හමු වී ඇත්තේ පසුගිය ඉරිදා (10) ය. ජිලින් නගරයේ ෂුලාන් ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් හමුවූ බවත් තවදුරටත් වයිරසය පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති බවත් ජිලින් හි උප නගරාධිපතිවරයා පැවැසීය.

ඊයේ (13) දිනයේදී නගරයෙන් තවත් ආසාදිතයන් 6 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සම්පූර්ණ ගණන 21කි. නගරයේ රෙදි සෝදන මධ්‍යස්ථානයක සේවකයකුගෙන් ඔවුන් සියලු දෙනාටම වයිරසය ආසාදනය වී ඇත.

මේ අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ බව සැක කෙරෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පසුගිය දින කිහිපයේදී ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ සියලු දෙනා ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ. නගරයේ ජනගහනය ලක්ෂ 110කි.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.