31 C
Colombo
Saturday, May 16, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

ඔබේ හෝ සහකරුගේ ලග්න ගැලපීම අනුව ඔබේ ආදරය දැනගන්න

එකිනෙකා අතර ආදරයක් ඇතිවෙනවා කියන එක දෙදෙනෙකුගේ පළමු හමුවීමෙන් මෙන්ම කාලයක් එකිනෙකා ආශ්‍රයෙන් උනත් ඇතිවෙන්න පුළුවන් දෙයක්. මේ video එක බලන ඔයාල උනත් දන්නවා ඇති දෙදෙනෙක් ප්‍රේමයකට එලබෙනවා කියන එක කොච්චර පහසු උනත් ඒ ප්‍රේමය පවත්වාගෙන යන එකනම් කොච්චර අපහසුද කියන එක. අද සමාජයේ අපිට දකින්න තියෙන දෙයක් තමයි බහුතරයක් ආදරවන්තයින් පුදුමාකාර ලස්සන ආරම්භයකින් තම ආදරය පටන් ගත්තත් කණගාටුදායක අවසානයකින් ඒ ආදරය අවසන් වීම.

ප්‍රේම කතාවක වැදගත්ම දෙය නම් අකිනෙක අතර අවබෝධතාව හා එකිනෙක කෙරෙහි අනුකුලතාවයි. ඉතින් මේ ලිපිය කියවන ඔයාලට ඔයාලගේ ගැලපීම්, දුර්වලතා හදුනාගෙන ඔයාලගේ ප්‍රේමයත් අසාර්ථකත්වයෙන් ආරක්ෂා කරගන්න පුලුවන්නම් කොච්චර හොදද.. ඒ නිසාම අද අපි ඔයාලට ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව යුවලකගේ ලග්න ගැලපීමෙන් දෙදෙනාගේ සම්බන්දතාවය හා අනාගතය කොයි වගේද කියලා ඉදිරිපත් කරන්න තීරණය කරා.

දැන් කියන්න යන්නේ ලෝකේ ප්‍රීතිමත්ම සහ ස්ථාවරම ආදරයක් පවත්වාගෙන යන්න පුළුවන් ආදරවන්තයින්ගේ ලග්න ගැලපීම්. බලන්න ඔය දෙන්නගේ ලග්නත් මේ අතර තියෙනවද කියලා.

සිංහ හා තුලා

සිංහ හා තුලා ලග්න හිමියන් කියන්නේ හැමවෙලේම එකිනෙකා කෙරෙහි ආකර්ශනයෙන් බැදෙන යුවලක්. සිංහ ලග්න හිමියන් උපත ලබන්නෙම නායකත්වය, විශ්වාසය සහ ආධිපත්‍යය ඇගේම තියාගෙන. හැබැයි තුලා ලග්න හිමියන් කියන්නේ උපතින්ම සාමකාමී, ආදරණිය වගේම සහයෝගී පිරිසක්. ඒ හින්දම තුලා ලග්න හිමියෙක් ඉදිරියේ තම ආධිපත්‍ය පතුරගන්නවා කියන්නේ ඉතින් සිංහ ලග්න හිමියෙක්ට ඉතාම පහසු කටයුත්තක්. ඉතින් මේ සිංහ ලග්න හිමියන්ගේ ක්‍රියා පිළිවෙතත් තුලා සතු සන්සුන් බවත් හින්දම ඔවුන් දෙදෙනාට බලයෙන් පෝෂණය උන ස්ථාවර ආදර සම්බන්තාවයක උරුමකරුවන් වෙන්න පුළුවන්.

මිථුන හා තුලා

මිථුන කියන්නේ කෙලින් තීරණ ගන්න පුළුවන් වුනත් තමන් පැවසු දෙයක් ගැන ගොඩක් දුරට හිතන පිරිසක්. ඉතින් තුලා ලග්න හිමියන් තමයි ඔවුන්ගේ හිතේ තියෙන හැගීම් තේරුම් ගන්න පුලුවන් හොදම කට්ටිය වෙන්නේ. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියන් කියන්නේ මිනිස්සුන්ගේ හිත් රිදෙන්න විවේචනාත්මකව කතා කරන පිරිසක්. ඉතින් ඒ වෙලාවට ඔහුගේ/ඇයගේ සහකරු හෝ සහකාරිය තුලා ලග්න හිමියෙක්නම් ඒ අයට උපන් හපන්කම් තියෙනවා ඔවුන් සමග නිහතමානිව කටයුතු කරන්න. කොහොම උනත් මිථුන කියන්නේ සමාජශීලි පිරිසක්නම් නෙවෙයි. ඒ නිසා අවට සමාජයේදී අනෙක් අය සමග මිත්‍ර සම්බධතා ගොඩනාගැනීම සිදු කරගන්න වෙන්නේනම් තුලා ඔබටම තමයි.

මේෂ හා කුම්භ

ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේෂ ලග්න හිමියෙක්නම් ඔයාගේ අවේගශීලි සගයව මෙල්ල කරගන්න පුලුවන් හොදම කෙනා වෙන්න පුළුවන් කුම්භ ලග්න හිමි ඔයාම තමයි. මේෂ ලග්න හිමියන් කිපී ගය අවස්ථාවක ඔහුව හෝ ඇයව පාලනය කරගන්නත් නිර්මාණාත්මක විශ්මයජනක යෝජනා අදහස් ඉදිරිපත් කරන අවස්ථා වලදී එකට එකතු වී ඒවා සාර්ථක කරගනිමින් සාර්ථක අදර කතාවක් පවත්වගන්නත් කුම්භ ලග්න හිමියන්ට ඉතා හොද හැකියාවක් තියෙනවා. ඒ වගේම තමා මේෂ ලග්න හිමියන් තමන්ගේ අදරවන්තයගේ හෝ අදරවන්තියගේ ආදරය, ආරක්ෂාව වෙනුවෙන් තමන්ට පුළුවන් හැමදේම කරන පුද්ගලයෙක් කියන එකනම් අමතක කරන්න හොද නැහැ.

කටක හා මේෂ

සිංහ හා තුලා වගේ හැමවෙලේම එකිනෙකා කෙරෙහි අකර්ශනයෙන් බැදෙන යුවලකට තවත් උදාහරණයක් කියන්න කිව්වොත් ඒ දෙන්න කටක හා මේෂ කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. හැබැයි ඉතින් කටක කියන්නේ වතුර වගේනම් මේෂ කියන්නේ ගින්දර වගේ තමා කියන එකනම් මතක තියාගන්න ඕනේ. මොකද කටක කියන්නේ ඉතා සංවේදී, අනුන් ගැන හිතන චරිතයක්. ඉතින් මේ ශාන්ත ගති පැවතුම් තියෙන කටක ලග්න හිමියන් හා තේජස් ඇති මේෂ ලග්න හිමියන් දෙන්නෙක් එකට එකතු උනා කියන්නේ දෙදෙනාගේ අඩු ලුහුඩුකම් මග හැරගෙන සාර්ථක ගමනක් යන්න පුළුවන් අවස්ථාවක්.

මීන හා කටක

නිවුණු ගති පැවතුම් තියෙන මේ දෙදෙනාම ආදර සම්බන්දයකදීනම් විශිෂ්ට ලෙස ක්‍රියා කිරීමට සමත්කම් දක්වනවා. ඉතා අනුකම්පාසහගත කටක ලග්න හිමියන්ට මීන ලග්න හිමියන් ඉදිරියේ තියෙන එකම ප්‍රශ්නේ තමා එයාල පුංචි දේවල් ගණන් නොගැනීමයි, අනිත් කෙනා පිළිබද සොයා බලන බව සගවා ඉන්න උත්සහ කරන එකයි. කොහොම උනත් මීන හා කටක ලග්න හිමියන් දෙදෙනෙක් කියන්නේ ආදරණිය, දයාබර මෙන්ම අනෙක් ලග්න වලටත් වඩා හොදින් ගැලපුන කපල් එකක් කියලානම් කියන්න පුළුවන්.

වෘෂභ හා මකර

බොහෝවිට සමාන අදහස් දරන වෘෂභ හා මකර ලග්න හිමියන් කියන්නේනම් තමන්ගේ පෞද්ගලික ජිවිතයට එන භාහිර බලපෑම් ගණන් නොගන්නා ඉතා ප්‍රයෝගිකව කටයුතු කරන පිරිසක්. මොවුන් දෙගොල්ලොම නියමිත දින චරියාවකට අනුව වැඩ කරන, තමන්ගේ වගකීම් නිසියාකාරව හදුනාගත් පිරිසක්. ජිවිත කාලය තුල විවිධ අපේක්ෂාවන් සපුරගන්න සිහින දකින මේ වෘෂභ හා මකර ලග්න හිමියන් දෙදෙනෙක් ආදරයෙන් එකතු උනා කියන්නේනම් ඉතින් ඒ දෙන්නා ඒ දෙන්නගේ ඉලක්ක සපුරා ගන්න මහන්සිවෙලා ජිවිත කාලය පුරාවටම එකට සතුටින් වැඩ කරනවා කියන එක තමා.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.